Pages

Jun 27, 2013

වාහන වලට අපේ අය දාපු නම් - 1 කොටස

ආයුබෝවන්...
අද මට විශේෂ දවසක්.. මේ මගේ 100 වෙනි බ්ලොග් පෝස්ට් එක. 

ඉතිං මට හිතුනා වෙනස් දෙයක් ලියන්න.....මේක මම කලින් එළකිරි.කොම් එකට ලිව්වා.. තවත් දෙයක් එකතු කරලා මෙතන දාන්න බලාපොරොත්තු වෙනවා

ඉස්සර ඉදන්ම ලංකාවේ ඉදලා තියෙන්නේ නම් පට බදින්න..කවි කියන්න, කථා හදන්න හරි හපන්නු කියලා අහලා ඇති නේ...


ඔන්න මම ඔයාලා එක්ක බෙදා ගන්න යන්නේ ලංකාවට විදේශ රටවලින් ආනයනය කරපු ඉංගිරිසි , ජපන් , රට වල හදපු වාහන වලට සිංහල රටේ සින්හල ඈයො දාපු නම්....





Jun 25, 2013

දුගද දැනී.......අප්සට් ගී - 08


අවවාදයයි.. !!
කියවීමෙන් ආහාර අරුචිය,වමනය වැනි අප්‍රියතා ඇති අය සහ ආහාර ගනිමින් මෙය කියවන අය කියවීමෙන් වලකින්න..
බුක්මාර්ක් කොට.. පසුව කියවන්න

( මුල් ගීය- සුවද දැනී....)

දුගද දැනී.......දැනී....දැනෙනවා.......
මෙදා... වැසිකිලියේ................
අළුත් බුවෙක් දෝ මේ............
නහය කහනවා..ඉන්න බැරි තැන...
බෝඩිමේ ජනෙලුත්...විවර කෙරුවා
දිව ගිහින්......................

දුගද දැනී.......දැනී....දැනෙනවා.......





සදපානේ පැනලා යන්න....අප්සට් ගී - 07

 තව අප්සට් ගීයක් ලිව්වා .... කියවලා බලන්නකො

(මුල් ගීය-සදපානේ ගමන් යන්න)

සදපානේ පැනලා යන්න....
මහ රෑ වැට ලගට එන්න....
කිව්ව ඔයා කොහේ ගිහින් දෝ.....
පිනි බාලා ලෙඩින් ඉන්න...
මට පීනස හදාගන්න......
එළි වෙනකං මෙතන ඉන්නදෝ...






Jun 24, 2013

ඇග වැඩි තරමට - අප්සට් ගී - 06


(මුල් ගීය - දුක වැඩි තරමට කදුලු )


ඇග වැඩි තරමට ඇදුම් හොයන්නට...
ලංකාවෙම ශොපින් කලා..............
අත පය ටික බරබාගෙක ...
දාගෙන යන්නටත් වෙලා............
ඉස්සර මේකිට තිබුනු සිහින් ඉග..
පිටි ගෝනිය වගේ වෙලා........
කවදාවත් නැති තරමට...
යෝධියෙ උඹ මහත් වෙලා.............






චාන්දනී නානවා - අප්සට් ගී - 05


(මුල් ගීය- චාන්දනී පායලා..)

චාන්දනී ‍නානවා....
ලිද ගාව මේ..රා ජාමයේ....
අඹ ගහේ.. කරටියෙයි....
මං තවම හැංගී.. කරුවලේ...
බාලිදිය බිමින් තියා....
ඔබ එන්න ආදරී......
දිය රෙද්දෙ.. දිය බේරෙ...
පිසලන්න මං එමී............





පොසොන් සද

රෑ අහසම එළිය කරන්...
පොසොන් සදට නැගී එන්න..
ඒ එළියෙන් ඔය නෙත් දෙක..
ආයෙත් මට මුනගැහෙන්න...
නොදුටු නුහුරු එක සිතුමක්..
හදවත කොන නතර වෙන්න...
නමක් ගමක් මට නොකියා..
ඉවත බලන් එපා යන්න....

කෙදිනද ඔබ යලිත් දකින්නේ..........
නැතිදෝ මට පිළිතුරු දෙන්නේ.........//




ඈ ලග මා සිත නවතිනවා.......

නිලම්බරේ පියා සලා...
ක්සිතිජ ඉමේ නතරවෙන්න...
කිසිදා නොහැගුනු හැගුමක්..
දැනෙයි මගේ හිතට ඔන්න....
අහම්බෙකින් දුටු රුවකින්..
ආල හැගුම් පුබුදුවන්න...
අදත් හෙටත් මගෙ ලෝකේ...
ඔය රුව සිහිනෙන් පෙනෙන්න...

ආදරයක් හිතට දැනෙනවා..........
ඈ ලග මා සිත නවතිනවා....... 






අවසරයි සමුගන්න

ලියූ පද පුරාවට...
සිහිනයක් දැකගන්න...
ඒ සිහින මාවතේ...
තටු සලා පියඹන්න....
කුනාටුව දැක දැකත්..
තවත් දුර ඇත යන්න..
වැරදි බව දැන දැනත්..
තවත් බෑ නවතින්න...




හිරු සැගවිලා


හිතා.. ගන්න බෑ.... කියා ගන්න බෑ...
ඉතින් ඇය සොයා.. ඉගිල්ලෙන්න බෑ...
ඇගේ මතකයෙන්.. මිදී වෙන්වෙලා......
තවත් මේ රිදුම්.... දරා ගන්න බෑ......


හිරු සගවිලා....සදු සැගවිලා....
මල් පරවෙලා... අදුරට වෙලා.....
සිත කැළඹිලා.... නෙතු ‍බොදවෙලා...
ඇගෙ ස්නේහයේ... සුව නැතිවෙලා..........//





සදහටම රැදී... ඉන්නම්... ඔබගෙ වී...........


ආදරෙන් බැදී.. ඔබ මා හා.. වෙලී..
ජීවිතේ ගෙවී... යනවා.. නොම දැනී...
මේ වගේ කොහේ... සැනසුම්.. සුව දැනී..
සදහටම රැදී... ඉන්නම්... ඔබගෙ වී...........





වටේ පිටේ.. අප්සට් ගී - 04

මුල් ගීතය.. - ‍නගේ මලේ මොනවද මේ ..



වටේ පිටේ රටේ තොටේ මොනවද වෙන්නේ ඉතිං..
හොයා බලා ගිනි තියලා එන්නං පාරට ගිහිං....
හීන් නූල් දිය ගින්දර ගම වටේට තියෙනකං..
කසිප්පුවක් රා කට්ටක් බොන සූටිං තමයි මං..... 







මද සීත හැන්දෑවෙ - අප්සට් ගී - 03

තව අප්සට් ගීයක් ලිව්වා


මද හීත හැන්දෑවෙ හොර බැල්ම පා...
දුර පේන ගේ ලගට විසිවී ගියා......
ඇගෙ මූන සිහිවී.. පෙම් පාට මතුවී....
නැන්දම්මගේ මතකෙ බොදවී ගියා......







සරා සදට ඔච්චම් කල

තව සින්දුවක් ලියන්න හිතුනා...

සරා..සදට ඔච්චම් කල
මෘදු සුලග සලා...............
වලා රොදක සැගවී යන්..
ඔය සිසිල හෙලා......
දරා..ගන්න බැරි පාලුව..
මට ඉතිරි වෙලා..........
ඔබේ නොනිමි මතකය ලග..
රැය පහන් කලා.................//






මනාලිය වී වෙන්ව යනවා

උදා හිරු රැස් තවත් දිනකට
පතිත කරනා අළුයමේ.........
හිතේ සැගවුන සියුම් රිදුමක්..
කකියනා දෙනෙතට දැනේ......

සුදෝ සුදු දිගු වේල් සළුවෙන්...
හැඩ වෙලා රූපය ඇගේ.....
මනාලිය වී වෙන්ව යනවා ...
මගේ පණ වන් ආදරේ...........




හැරගිය ඔබ

අරුත් නොහැගුන වදන් පෙල සතු
මියුරු ස්වර ඇති ගීතයේ....
තනුව මුමුනම් අතැර පදවැල්....
අත්වැලක් ගෙන තාලයේ..
තවත් වරකට රැගෙන බැලුවෙමි..
අඩක් හිස් වූ පානයේ...
පුරා මදුවිත.. පිරී දිදුලයි..
පතුල බැලුවෙමි ජීවයේ.....




ජීවිතේ විදින්නට .හෙටත් එනවද ඔයා..........

සසර මග විදින දුක් .........කම්කටොළු වේදනා......
නිතර සැරිසරන සැඩ...........සුලගකින් පෑරුනා.....
අතැර ලොව සුවහසක්...........ගායනා වාදනා....
නතර කල නොහැකි මෙන්.......පාළුවේ සැගවුනා.....






නරක වයස

නරක වයස නරක සමය මල කෝලං හිතෙනවා....
ඩ්‍රීම් ගර්ල්ස් ලා නිතරම රෑ හීනෙන් පේනවා...
සීන් කෝන් එක ටික ටික ගෙදර අයත් දන්නවා....
නෝන්ඩියක් නැතුව ඉතිං මාත් ඔහේ ඉන්නවා........

ගම වටේම රට වටේම පිස්සු වගේ හොයනවා
ක්ලාස් ලගට බීච් එකට හෝල් වලට දුවනවා....
බයික් එකක් බස්සනකොට සුදු නංගිලා බලනවා...
පර්ස් එකට ලව් කරලා හැන්දෑවට කැපෙනවා.......//




පිනි දිලිහෙන.....


පිනි දිලිහෙන තුරු අතරින් හමා ඇදෙන මද පවනේ..
සද කැල්මින් එළිය වැටෙන සදලුතලේ රජ දහනේ...
කිරිල්ලියක් ලෙසින් නිදන උනුසුම් සුදු මුදු යහනේ....
කුමාරියේ ඔබේ ලොවට සිහිනෙන් එමි
සදපානේ.....//





ලස්සන නංගී

පාට පාට මල් හීනෙක පැටලී......
පාර පනින්නෙත් කොල් එකෙ එල්ලී...
නිච්චිය නෑ උඹ දැක්කට හැංගී....
කව්ද කියන්නකො ලස්සන නංගී...........






නොකැඩූ මල්

බබා... අද හවසට හොදේ....
මං බලං ඉන්නවා....
බායි.............




ඇයයි ඔහුයි

හිරු නැගෙයි.... හිරු නැවත බැසයයි....
දිවා රැය මේ ගෙවෙන්නේ.........
කල් බලයි ....සුසුමන් හෙලයි..
සිත පෙරුම් පුරමින් හිදින්නේ..........
මල් මිටක් දෝතින් අරන්......
එන ඔහුගෙ රුවමයි පෙනෙන්නේ........
ඇස් පියන් නොවැසේ ඉතින්.....
අද සිහිනයක් දෝ දකින්නේ..............






යලිත් ඔබ නොයේ නම්...


වසර ගණනක් පුරා..
ජීවිතේ දුක් දිදී..
පිදූ සෙනෙහස මගේ..
ඔබේ මතකේ නැතී..





සුදු නෝනා

ගම පැත්තේ ඈතින් ඉර පේනා....
පාර දිගේ ලැසි ගමනක් යන්නා....
අනං මනං කුමටද තව වානා...
සුදු නෝනේ ඔය බහමයි ඕනා...//





කලවං~විරිදු 2


ගීත ගයා පාලු කපා සෝක ගින්න දුරලනවා...........
කාලෙන් කාලෙට පෙරලෙන ගීත විරිදු පවසනවා...
ඩඹ ට්‍රක ටං.. ඩඹ ට්‍රක ටං..

ඔයා නිසා මා අඩලා.. මගේ ඇසුත් අද රිදුනා.......
කදුල ඉතිං සමාවෙයං ඇය මගෙ නිවසට එනවා........
ඩඹ ට්‍රක ටං.. ඩඹ ට්‍රක ටං..





ටෙලි නිලියේ

දිලිසෙන එළි දහසක් මැද...සැනකෙලි සිරි නාද අතර...
පැටලෙන සිත ඔය රුව දස අත විමසනවා..................
රූපවාහිනී තිරයෙන්..එබී බලන අඩ පැයකට...
ජීවිතයම ඔයා මගේ කියා හිතෙනවා...........

කොලොම්පුරේ රටා මවන තාරකාවියේ....
දිනෙක ඔයා දැකගන්නට එනවා කුමරියේ.......







ඡායාවක් සේ


ඡායාවක් සේ මැවෙනා ඔය රූ...
සිතුවම් කරනට සිත් බැදිලා....
වලාකුලක් සේ පාවී යනවා....
හිස් අහසේ සුලගක රැදිලා ...........
විරාමයක් ලද සැනෙකින්.. මසිතට...
ඔබ සිහි වෙනවා නෙත් තෙමිලා........
කුමාරියේ අපෙ ආදර ලෝකයෙ...
අද
මං විතරක් නතර වෙලා.........


නෙතින් නෙතට ලං වෙන්නට ආසයි...
කිසිදින යලි හමු නොවුනු ලෙසේ....
සිතින් පතා ඉන්නම් ඒ සිතුවිලි...
හැබැහින් ඉටු වේ විදෝ කෙසේ.....
ඉමක් කොනක් නැති සාගර රළ මත...
දිලිහෙන සුදු පෙන බිදක් වගේ......
නැගී විසිරෙනා ආදර ලෝකයෙ...
තවමත් අපි ළදරුවන් වගේ........




කලවං විරිදු.....

කාලෙකට ඉහතදී ලියපු විරිදු ටිකක්

කලවං විරිදු.....



සුරංගනී සුරංගනී මාළු ඇවිත් සුරංගනී..
සුරංගනී සුරංගනී මාළු ගන්න සුරංගනී....

ඩඹ ට්රක ටං.. ඩඹ ට්රක ටං.....

පොඩි දුවගේ සිනා වැලයි පොඩිපුතුගේ කථා පෙලයි..
ප්රිය බිරිදගෙ සෙනේ විලයි.. පඩි නැත්නං මං ඉවරයි...

ඩඹ ට්රක ටං.. ඩඹ ට්රක ටං.........

වැහි දිය මහ බිම තෙමුවට බිම තෙමන්නේ වැහි විතරද....
ඊයෙ රෑත් ඔබ දෙඩවූ ඒ හොල්මන උපුලි නේද ???

ඩඹ ට්රක ටං.. ඩඹ ට්රක ටං.........

මාළු වලේ කුසල් හාමි මාළු බාන්නට යනවා.....
ටොක්ක ඇන්න ජෝන් සීනා MIZ ට ගසා ලොකු වෙනවා...

ඩඹ ට්රක ටං.. ඩඹ ට්රක ටං.........

අඩි සීයේ පාර ගාව දැක්ක දෑස නිල් වෙනවා...
ලගින්ම ගිය ලේලන්ඩ් එක දකින් නැතුව හැප්පෙනවා....

ඩඹ ට්රක ටං.. ඩඹ ට්රක ටං.........

සුවද තියා මාලග අද මල් ටික ඔබ ගෙනියනවා.....
සැවැන්දරී හොරෙන් ඇවිත් අවංක මා ගෙනියනවා...

ඩඹ ට්රක ටං.. ඩඹ ට්රක ටං.........

බොරළු ඇනෙන පය රිදවන වෙහෙස මදක් නිවා ගන්න.....
කිරි වෙහෙරට මල් නෙලනා නංගි එක්ක චැට් කරන්න...

ඩඹ ට්රක ටං.. ඩඹ ට්රක ටං.........

පාද සලඹ වැයෙන හඩට සොදුරු ලියක රග මැවිලා....
රිදී කාසි සොලවන්නට බෙර පදයක් මදි වීලා....

ඩඹ ට්රක ටං.. ඩඹ ට්රක ටං.........

සුදු නංගී ඇස් වහගෙනඅඩ අඩ අද දුක් වෙනවා...
ඊට පස්සෙ හොනට් එකේ කෙල්ල කොල්ලා එක්ක යනවා...

ඩඹ ට්රක ටං.. ඩඹ ට්රක ටං.........

පහන තියා බුදු සාදුට කෝච්චියට ගොඩවෙනවා........
විරිදු කියා ලැබෙන සල්ලි බාර් එකට දන් දෙනවා....

ඩඹ ට්රක ටං.. ඩඹ ට්රක ටං.........

හම්බන්තොට මුහුදු වෙරලෙ වැලිකැට මට සිහි වෙනවා.....
වැලි කියුබ් එක අට දාහයි ගෙවල් හැදිලි බොරු වෙනවා

ඩඹ ට්රක ටං.. ඩඹ ට්රක ටං.........

හොරෙන් බලා කියා පාන දේ මට අද වැටහෙනවා...
බයික් එකේ පෙට්රල් නෑ හෙට උදෙන්ම මම එනවා...

ඩඹ ට්රක ටං.. ඩඹ ට්රක ටං.........

ජීවිතේට ඉස්සෙල්ලම ලියන ලියුම මෙය වෙනවා...
වැරදි ඇතොත් සමා වෙලා ඉවසගන්න සිදු වෙනවා...

ඩඹ ට්රක ටං.. ඩඹ ට්රක ටං.........

ඇස්දෙක මෙන් හිටි දෙන්නා ලව් කරලා මැරි කරලා....
පස්යට යන්නටම හදයි ගේ එක දෙක තුන කරලා.....

ඩඹ ට්රක ටං.. ඩඹ ට්රක ටං.........

සෙල්ලං ගේ පාළු වෙලා බෝනික්කා තරහ වෙලා....
පුංචි පුතා ඇරලවලා අම්මලා මොනවද කරලා.....

ඩඹ ට්රක ටං.. ඩඹ ට්රක ටං.........

කොටු වැටිච්ච පුංචි සරම ඇදගෙන පොඩි මල්ලි නටයි....
මිදුලේ වැලි මාලිගාවේ සක්විති පදවියද ලබයි....

ඩඹ ට්රක ටං.. ඩඹ ට්රක ටං.........

ටජ්මහලක් තන්න්න බෑ ඔබගේ සෙනෙහසට ඉතිං...
දාපු සල්ලි ටික අරගෙන සක්විත්තා පැනලා ගිහිං...

ඩඹ ට්රක ටං.. ඩඹ ට්රක ටං.........

බිදුනු පෙමින් ගිනිගත් හද තනිවෙනවා එක්ටැම් ගෙයි...
හිස් වුන පර්ස් එක අරගෙන තනි වෙනවා මුළුතැන්ගෙයි...

ඩඹ ට්රක ටං.. ඩඹ ට්රක ටං.........

ඊලග නැවතුම ආවම බැහැලා යනවා නුවර බලා.....
ප්ලේන්ටියයි වඩේ එකයි ගෝල්ඩ්ලිෆ් එකකුත් ගහලා....

ඩඹ ට්රක ටං.. ඩඹ ට්රක ටං.........

කිරි වෙහෙරට මල් නෙළුවට මගෙ මතකය මට සුවදයි...
විරිදු අහල කමෙන්ට් කරන අයටත් සම්බුදු සරනයි......

ඩඹ ට්රක ටං.. ඩඹ ට්රක ටං.........
ඩඹ ට්රකංට ටං ටං ටං ඩුං ං ං ං ංංං




ඔයාම හිතන්න..

පාට පාට කොල අලවපු
ලස්සන රැල් එල්ලලා
හැඩ දාපු......
සරුංගලයක් වගේ පාවෙන..
මගේ හිත..........
ඔයාගෙ...
ආදර නූලෙන් ගැටගහලා...
මේ ජීවිත අහසෙ....
ගොඩාක් දුර ගෙනිහින්...
වෙලාවකට හරිම දගකාරයි..
කොම්බු ගහනවා..
ආයෙත් උඩ යනවා..
ටිකින් ටික ..
ඔයා නූල දිගු කරනවා.....
හදිස්සියෙම....
මං ....
අවිශ්වාසයේ
රුදුරු උඩු හුලගකට අහුවෙලා...
කර කියාගන්න දෙයක් නැතුව
කැළඹිලා.......
ආයෙත්....
ඔයා ලගට එන්නද...
සදහටම ඈතට යන්නද....
තීරණය ඔයාගෙ අේ...





යුග කථා වස්තුව

ඩාලිං...
මගෙ සුදූ... වස්තුව...
මගෙ පණ....
ඔයා නැතුව මට මේ ජීවිතෙන්...
කිසිම ථලක් නෑ මගෙ රත්තරන්..
මේ ලෝකෙ ..
කිසිම මලකට, කිසිම සින්දුවකට
ඔයාව උපමා කරන්න බෑ...
ඔයා තරං වටිනා වෙන දෙයක්
මට තවත් නෑ..
ඔයාට කැමති දෙයක් කියන්න..
මං අරන් දෙන්නං...
ඊයේ වගේම..
අද රෑ එළිවෙනකන්...
මාත් එක්ක කථා කරන්න...
එනවා නේද ?

බබා....
ම්ම්ම්ම.......
මට අපි බැන්දා කියලා
හිතෙන්නෙවත් නෑ..
තාම ඉස්සර වගේමයි...
පිස්සු නෙවෙයි අනේ..
අපි හැමදාම මේ වගේ ඉමු...
අපි තියෙන දෙයක්
තියෙන හැටියකට බෙදාගෙන ඉමු..
ඔයා දන්නෙ නෑ ..
මං ඔයාට
කොච්චර ආදරේද කියලා..
ඔව්.... අද විතරක් නෙවෙයි..
හැමදාටම.......
දෙන්නා තුන්දෙනා උනත්..



මේ... ඇහුනද...
ආන් බබා අඩනවා...
ඔය ටීවී එක ඕෆ් කරලා
පොඩ්ඩක් බලනවද?
මං මේ ඔෆිස් එකේ වැඩක්...
ආ.. ඇත්තද...
අවසාන කොටසද...
හා මං බබාව බලන්නං...


මේ මනුස්සයෝ....
ළමයා පාඩං කරනවා...
දවසකට නාට්ටි දෙකක් විතර
බැලුවම ඇති නේද...
ඕකෙ තියෙන ඔක්කොම ඒවා
බැලුවයි කියලා.....
අපිට තෑගි ලැබෙන්නෙ නෑ නෙ....
හ.. හා .. හා.. හරි..
හරි හරි..
ඕනෙ එකක් කර ගන්න එකයි ඇත්තෙ...

ගෑණියෙ... තොට ඇහුනෙ නැද්ද
මං තේ ටිකක් හදං එන්න කිව්වා
උදේ ඉදං මොකුත් නෑ හරියට..
දහයට වත් තේ නැත්තං
වැඩක් තියෙනවද......
හහ්... හා හා ... හරි හරි...
කෑ ගහන්න එපා ...
මං කඩෙං තේ බොන්නං...


මේ..... ළමයින්ගෙ අම්මෙ....
අදවත් ...
ලොකු ළමයාගෙ ගෙදර ගිහින් ආවොත්...
හොදයි නේ...ද ?
පොඩි එකා දකින්න නැතුව සාංකාව වගේ...
උඹලා අපීත් මේ නහින දෙහින කාලෙ නොවෑ..
යනගමන්...
පන්සල පැත්තෙත් යමල්ලාකො