Pages

Jun 27, 2013

වාහන වලට අපේ අය දාපු නම් - 1 කොටස

ආයුබෝවන්...
අද මට විශේෂ දවසක්.. මේ මගේ 100 වෙනි බ්ලොග් පෝස්ට් එක. 

ඉතිං මට හිතුනා වෙනස් දෙයක් ලියන්න.....මේක මම කලින් එළකිරි.කොම් එකට ලිව්වා.. තවත් දෙයක් එකතු කරලා මෙතන දාන්න බලාපොරොත්තු වෙනවා

ඉස්සර ඉදන්ම ලංකාවේ ඉදලා තියෙන්නේ නම් පට බදින්න..කවි කියන්න, කථා හදන්න හරි හපන්නු කියලා අහලා ඇති නේ...


ඔන්න මම ඔයාලා එක්ක බෙදා ගන්න යන්නේ ලංකාවට විදේශ රටවලින් ආනයනය කරපු ඉංගිරිසි , ජපන් , රට වල හදපු වාහන වලට සිංහල රටේ සින්හල ඈයො දාපු නම්....


ඔන්න මම පටන් ගන්නවා..... මට වරදින තැනකදී මාව හරි ගස්සන්න ...
අලුත් දෙයක් එකතු කරන්නත් පුලුවන් ඕනෙම වෙලාවක....



ඔන්න මම ඔයාලා එක්ක බෙදා ගන්න යන්නේ ලංකාවට විදේශ රටවලින් ආනයනය කරපු ඉංගිරිසි , ජපන් , රට වල හදපු වාහන වලට සිංහල රටේ සින්හල ඈයො දාපු නම්....

ඔන්න මම පටන් ගන්නවා..... මට වරදින තැනකදී මාව හරි ගස්සන්න ...
අලුත් දෙයක් එකතු කරන්නත් පුලුවන් ඕනෙම වෙලාවක....


1.MITSUBISHI Pajero 86 Model -
පලාත් සභා මොඩ්ල්

(මන්ත්‍රීවරු පාවිච්චි කළ නිසා)

 


2.TOYOTA Hiace 79 Model -
රුක්මනී මොඩ්ල්
රුක්මනී දේවිය අනතුරට පත්වූ නිසා මේකට මේ නම ආවා කියලයි කියන්නෙ

3.Delica 79/80 Model
ජේ ආර් මූන මොඩ්ල්..
  

4.Nissan Sunny FB13
ඩොක්ට සනී..
(දොස්තරලා පර්මිට් වලට ගෙන්වපු නිසා )


5.Nissan Sunny FB14
සනීප සනී 


6.Mitsubishi Lancer C11 Station Wagon1988
අත්තනායක මොඩ්ල්...

 7. Nissan Sunny B210
බටු සනී 

8.Nissan Sunny B211
කෙහෙල්මුව සනී,-පිටුපස හැඩය අනූව.. 
කුපාඩි සනී - පිටුපස වීදුරුවෙන් බැලුවම වැඩිය ඇතුල පේන්නෙ නැති නිසා 
 9.Volkswagen 1300 beetle
වැට මොඩ්ල්

10.Volkswagen 1303 beetle
කනේ මයිල්


 9. carina 212 new grill as "මී වද ෂෙල් එක"


පසුපස ලයිට් එකේ හැඩය අනූව නම් වැටුනු වාහන කීපයක්
 
10.Mitsubishi Lancer "L light"
Lancer A73 (වම් පැත්තෙ තියෙන කාර් එක)

  

11.Mitsubishi Lancer "Tube light"

12.Mitsubishi Lancer "Flat Light" 

13. Lancer box red beeding model 
Lancer EX
13.Lancer box fog lamp shell model -
Lancer SL 
(ඉදිරිපස ග්රිල් එකේ ෆොග් ලෑම්ප් එන නිසා)


14. Cherry vanette 
වැනට් පරණ මූන කියලත් කියනවා 


15.Toyota Townace
ලොටෝ මොඩ්ල්




 
16.Nissan Sunny HB12-1987
Trad Sunny
 

17. Nissan Serena
සදහටම ඔබ මගේ


18.Daihatsu Charade G200 1992-1999
බිත්තර මොඩ්ල්



19.Honda MD90 බයික් එක
තැපැල් 90



20. මොපෙඩ් එකට කියන්නේ
මදුරුවා 


බස් කීපයක් ගැන කියන්නම්. 

21.Mitsubishi Rosa 1980.
ගොනා රෝසා- පරණ මොඩ්ල් 


22.Mitsubishi Rosa 1990
බේබි රෝසා 

  
 23.Mitsubishi Rosa 2000
බෝල රෝසා. 

 24.Toyota Coaster 1980
කෝස්ටර් - ධනපති මොඩ්ල්


25.
Toyota Coaster 2002
බෝල කෝස්ටර් 

 
 
26.Mitsubishi FUSO 1980
පෙට්ටි FOSO
  

27.Mitsubishi FUSO 1989
‍ඩොල්ෆින්
FUSO

28.Isuzu Journey K
රිවට් ජර්නි

 

29.රෝසා ලැට් දොර මොඩ්ල්..
පිටුපස එක් පැත්තට විවරවන දොර නිසා  

තව තියෙනවා... ඒවා ඊලග කොටසින් දාන්නම්....
හැමෝටම සුභ දවසක්....




1 comment: